ඇයි අම්මා ගියේ මා තනිකර දුරු රටක.....
නැවතත් දකින්නේ කවදද ඔය මුහුණ.......
තනි වුනේ මමයි අම්මේ ඔබ නැතිව......
අනේ ආයෙමත් එන්නකො මගෙ ළගට.....
අම්මා ඈත යන හැටි බලන්නට
ආවා මමත් මගෙ අම්මත් ඒක්ක...
අම්මා ගියා උඩ අහසින් ඉගිල්ලිලා...
අනේ දැන් කොහොම යන්නද මම ගෙදර...
අනේ එපා යන්නට මගෙ අම්මේ....
කොහොමද මං ඉන්නේ ඔබ නැතිව....
දග කරන්නෙ නෑමයි මගෙ සුදු අම්මේ...
අනේ ආයෙ දුවගෙන එන්නකො අම්මේ...
සෙල්ලම් බඩු එපා මට ඔබ නැතිව...
ලස්සන ගෙයක් මොකටද ඔබ නැතිව...
හැකි නම් එවන්නට අත්තටු දෙකක් මට...
එන්නම් ඔබ සොයා හැම දිනයකම...
අම්මව මතක් වෙන හැම වෙලාවෙම.....
මාවත් මතක් වෙයි මගෙ අම්මාට...
නිරෝගී සුවෙන් හිදින්නට......
පතමි දෙවි රැකවරණ මගෙ අම්මාට.....
අනේ දැන් කොහොම යන්නද මම ගෙදර...
අනේ එපා යන්නට මගෙ අම්මේ....
කොහොමද මං ඉන්නේ ඔබ නැතිව....
දග කරන්නෙ නෑමයි මගෙ සුදු අම්මේ...
අනේ ආයෙ දුවගෙන එන්නකො අම්මේ...
සෙල්ලම් බඩු එපා මට ඔබ නැතිව...
ලස්සන ගෙයක් මොකටද ඔබ නැතිව...
හැකි නම් එවන්නට අත්තටු දෙකක් මට...
එන්නම් ඔබ සොයා හැම දිනයකම...
අම්මව මතක් වෙන හැම වෙලාවෙම.....
මාවත් මතක් වෙයි මගෙ අම්මාට...
නිරෝගී සුවෙන් හිදින්නට......
පතමි දෙවි රැකවරණ මගෙ අම්මාට.....








1 අදහස්:
ඔබලගෙ අනාගත පැතුමන් මගේ අතේ....
ඒ බව දැනගෙනයි මම මේ යන්නෙ පුතේ...
කරදර බාධක මහ ගොඩකි ජීවිතේ....
දුප්පත්කම අපේ ඉහටත් උඩින් පුතේ....
එන්නම් කාසි සොයන් ආදර මගේ පුතුට....
දහිරිය ගන්න මගෙ පුතුනේ නුඹෙ හිතට....
අකුරු ඉගෙන ගන් මගෙ පුතු හොදට .....
පතනව තෙරුවන් සරණ මගෙ පුතුට.....
Post a Comment