RSS

සංවේදී මතකයක් ...



      පාලු බියකරු රැයක.......
රුදුරු වෙඩි හඩ මැද
සලිත වුනු සිතිවිලි
රැය පහන් කල බංකර බිත්ති මත
නිවී ගිය අගුරු කැටයකින්
සිත්තම් කල සෙබල සොයුරාණෙනි...
දකින විට නුඹෙ පද වැල්
තෙත් වෙයි දෙනෙත කදුලින්......
පිටවුනත් සුසුමක් මුවගින්
මැවෙයි ඔබෙ රුව ඒසැනින්...

සුරත රැදි ගිනි අවිය
තබා පසෙකින්.....
කුරුටු ගී සිත්තම් කල නුඹ.....
  දුන්නෙහිද හදවත රුදුරු වෙඩි උණ්ඩයට?
නැත...........
පතමි තවමත් ඔබ සිටින බව අප අතරම.....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 අදහස්:

Post a Comment