මතක මාවත දිගේගිය දිනක බොහෝ දුර....හමු වුනත් බොහෝ අය...සිත නැවතුනේ එක් තැනන...
ආදරණීය ලෙස බලා සිටිඒ දෑස් යුගඅමතක කරන්නේ කෙලෙසකද?ඒ දෑස් දැන් මගේම වී ඇත...
සුන්දර මතකයන් ඉතිරි කල ඒ කාලයඔබේත් මගේත්සිත් සතන් තුළසදා අමරණීය වනු ඇත...
සුන්දර වුවත් ඒ අතීතයටපතන්නේ නැවත නොයන්නට...මා ඔබේවත් ඔබ මගේ වත්නොවූ ඒ කාලයමේ තරම් සුන්දර නොවන නිසා...
සිත රැදුන මතකයක්...
|
Read User's Comments0
පළමුවැනි ගුරුවරයා...
|
ආදරණීය දුයිෂෙන් ගුරුතුමෙනි...
කදුකරයේ සුළගින් නැහැවෙන
පොප්ලර් ගස් බලා හිදිවි...
ස්ටෙප්ස් තණබිමේ මැකී ගිය ඔබේ රුව
දතින්නට...
ඊයෙත් අදත් හෙටත්
බලා හිදීවි අල්තීනායි නුඹ එනතුරු ...
පැමිණෙන්න හැකි විගස
දුයිෂන්ගේ පාසලට...
කදුකරයේ සුළගින් නැහැවෙන
පොප්ලර් ගස් බලා හිදිවි...
ස්ටෙප්ස් තණබිමේ මැකී ගිය ඔබේ රුව
දතින්නට...
ඊයෙත් අදත් හෙටත්
බලා හිදීවි අල්තීනායි නුඹ එනතුරු ...
පැමිණෙන්න හැකි විගස
දුයිෂන්ගේ පාසලට...
දුක්බර වෙන්වීම...
|
ඇයි අම්මා ගියේ මා තනිකර දුරු රටක.....
නැවතත් දකින්නේ කවදද ඔය මුහුණ.......
තනි වුනේ මමයි අම්මේ ඔබ නැතිව......
අනේ ආයෙමත් එන්නකො මගෙ ළගට.....
අම්මා ඈත යන හැටි බලන්නට
ආවා මමත් මගෙ අම්මත් ඒක්ක...
අම්මා ගියා උඩ අහසින් ඉගිල්ලිලා...
අනේ දැන් කොහොම යන්නද මම ගෙදර...
අනේ එපා යන්නට මගෙ අම්මේ....
කොහොමද මං ඉන්නේ ඔබ නැතිව....
දග කරන්නෙ නෑමයි මගෙ සුදු අම්මේ...
අනේ ආයෙ දුවගෙන එන්නකො අම්මේ...
සෙල්ලම් බඩු එපා මට ඔබ නැතිව...
ලස්සන ගෙයක් මොකටද ඔබ නැතිව...
හැකි නම් එවන්නට අත්තටු දෙකක් මට...
එන්නම් ඔබ සොයා හැම දිනයකම...
අම්මව මතක් වෙන හැම වෙලාවෙම.....
මාවත් මතක් වෙයි මගෙ අම්මාට...
නිරෝගී සුවෙන් හිදින්නට......
පතමි දෙවි රැකවරණ මගෙ අම්මාට.....
අනේ දැන් කොහොම යන්නද මම ගෙදර...
අනේ එපා යන්නට මගෙ අම්මේ....
කොහොමද මං ඉන්නේ ඔබ නැතිව....
දග කරන්නෙ නෑමයි මගෙ සුදු අම්මේ...
අනේ ආයෙ දුවගෙන එන්නකො අම්මේ...
සෙල්ලම් බඩු එපා මට ඔබ නැතිව...
ලස්සන ගෙයක් මොකටද ඔබ නැතිව...
හැකි නම් එවන්නට අත්තටු දෙකක් මට...
එන්නම් ඔබ සොයා හැම දිනයකම...
අම්මව මතක් වෙන හැම වෙලාවෙම.....
මාවත් මතක් වෙයි මගෙ අම්මාට...
නිරෝගී සුවෙන් හිදින්නට......
පතමි දෙවි රැකවරණ මගෙ අම්මාට.....
සංවේදී මතකයක් ...
|
පාලු බියකරු රැයක.......
රුදුරු වෙඩි හඩ මැද
සලිත වුනු සිතිවිලි
රැය පහන් කල බංකර බිත්ති මත
නිවී ගිය අගුරු කැටයකින්
සිත්තම් කල සෙබල සොයුරාණෙනි...
දකින විට නුඹෙ පද වැල්
තෙත් වෙයි දෙනෙත කදුලින්......
පිටවුනත් සුසුමක් මුවගින්
මැවෙයි ඔබෙ රුව ඒසැනින්...
සුරත රැදි ගිනි අවිය
තබා පසෙකින්.....
කුරුටු ගී සිත්තම් කල නුඹ.....
දුන්නෙහිද හදවත රුදුරු වෙඩි උණ්ඩයට?
නැත...........
පතමි තවමත් ඔබ සිටින බව අප අතරම.....
Subscribe to:
Posts (Atom)